නිල් දිය පොකුණ චාරිකාව

නිල්  දිය  පොකුණ චාරිකාව

රවණා රජතුමන්ගේ මාලිගාව තිබුනා කියල හිතන නිල් දිය පොකුණ, බණ්ඩාරවෙල ප්‍රදේශයේ තිබෙන්නකි. කෝච්චියේ රෑ 8ට නැගල පාන්දර 6ට එහෙන් බැස්සා , රැ  කෑම කන්න බැරි උන නිසා එතනින් බහිනකොට යකෙක් කන්න බඩගින්නක් තිබුනා, ජපුරේ 3rd year මල්ලිලා and  නංගිලා 3 දෙනෙක් එක්ක තමයි එක්ක ගමන ගියේ ,අහ්හ් ඉසුරුවා , බුවා තමි ගමන plan කරලොකොම සෙට් කරේ,උ නෙත්නම් ඕකට මට නැ, risk එකක් තිබුනත්,ගමන යන්න තිබුන ආසාව නිසා ,කාටවත් කරදරයක් නැතුව ගිහින් එන්න පලුවන් උනා,එක මල්ලි කෙනෙක් ගේ නම් කකුලට ගලක් පෙරලිලා පොඩි තුවාලයක් වෙලා තිබුනා ,මේ කාලයේ ගොඩාක් රාවණ ගේ කතා ජනප්‍රිය නිසා ,අපි කාගේත් interesting  කයන එක වැඩි කළා,නමුත් මේක business එකක් වෙලා ඉවරයි දැන්,වැඩි කාලයක් මේ ලස්සන ලෙන තියෙයි කියලා හිතන්න අමාරුයි.

මොකද packages ගෙන කට්ටිය ගමේ කට්ටියවත් set කරගෙන ඕකට එක්කගෙන යනවා . අපේ උරුමයන් බලන්න අපි අස උනත් ඒ උරුමයන් මේ විදියට වින්ශයට පත් වෙන එක එතටම කනගාටුයි.
බණ්ඩාරවෙල ප්‍රෙදේශයේ ඉන්න මිනිසුන්ගේ දෙවියන් , ගමේ අරක්ෂයා රවණා රජු කියලා ඒ පළාතට ගියාම තේරුණා,මොකද,අපි ගිය දවසෙත් පෙරහරක් සංවිදානය කරලා තිබුණා. කොහොම නමුත් මේ හැංගිලා තිබුන දේවල් මේ කලේ එලියට එන්නේ හොදකට්ද නරකටද කියල හිතන්න වෙයි ද දන්නේ නැ…..

ඡයාරුප සහ සේකසුම් – lakshitha.buddy77

 

– Sachith Kalinga  –  – Lakshitha Madushan –  – Heshan Karunaratne –  Kusal Samodaya– – Umesh Anushanga –  Dilan Darshana – Dasun Senadeera – Dasun Senadeera – Shanika Madhubhashini – Yomal de Silva– – Sanduni Rasadari – Nadeeka Sooriyabandara – Isuru Nimnuwan Chandrasiri –

https://www.facebook.com/lakshitha.madushanbuddy/videos/1101448533322580/     https://www.facebook.com/lakshitha.madushanbuddy/videos/1101439629990137/

– Sachith Kalinga ගෙන් උපුටා ගන්නා ලදී  –

මේ පාරත් සුපුරුදු විදියට කොටුවෙන් රෑ අටේ night mail එකේ නැගල බන්ඩාරවෙල යන්න පිටත් වුනා. ඒ ගමන අතරමගදි හැමදාම වගේ පුරුදු විදියට බඩියගෙ යාලුවෙකුත් සෙට් වුනා. (අපි හඳට ට්‍රිප් එකක් ගියත් මගදි මොකෙක් හරි එකෙක් සෙට් වෙනවා.) බන්ඩාරවෙල ස්ටේෂන් එකට ගිහිං එතන ඉදන් ගයිඩ් අයිය සෙට් කරපු වාහනෙන් ඉස්සෙල්ලාම ගියේ උදේ කෑම ගන්න තැනට. එතනින් කෑම කාල සමහරු නාගෙන ඇඟ පුරාම සෙන්ට් ගහගෙන කිට මරල එලියට බැස්සෙ හරියට රාවණාගෙ වෙඩින් එකට යනව කියල හිතාගෙන වගේ . එතන ඉදන් නිල් දියපොකුණට යන අතරමගදි හමුවන රාවණා ඇල්ල දකිද්දිම බඩියගෙ හිතේ තිබුණ දැවෙන ප්‍රශ්නය තමයි බඹරකන්ද නැග්ග හැටි මුන්ට කියනවද නැද්ද කියන එක. කෝමහරි මූ ඒක ගැන කිව්වෙ නැති එකට නම් මුට HP ලැප් එකක් අරන් දෙන්න වටිනවා. නිල්දිය පොකුණට ඇතුලු වෙන්න තියන පුංචිම පුංචි වල ලගට ගිහින් කට්ටිය ඉස්සෙල්ලම කලේ ඇතුලට බහින්න හිත හදාගත්ත එක. ඊලඟට ලේඩීස් ෆස්ට් නියමයට අනුව පලවෙනියටම බබාව ඇතුලට බස්සල පිලිවෙලට කිඩ්ස්ලයි මෙන්ස්ලයි ලෙජන්ඩ්ලයි බස්සගෙන ගියා. අවසානයේ අල්ට්‍රා ලෙජන්ඩ්ලයි වාරෙ ආවම මායි බඩියයි බහින්න පටන්ගත්තා. බඩියනම් පිනුමක් ගාල හූවක් කියල වැඩකෑල්ලක් දාල වල ඇතුලට පැන්නෙ හරියට රාවණාගෙ මල්ලි වගේ . පටන්ගන්න හරියෙ ටික දුරක් යනකං කඹයක එල්ලිලා බහින්න තිබුන නිසා කවුරුත් කිසි අව්ලක් නැතුව බැහැගත්තා. එතන ඉදන් ඉස්සරහට යද්දි සමහර තැන් වලදි ඇලවෙල නැමිල බඩගාගෙන යන්න තිබුණත් ඇලවෙල නැමිල පුරුදු කුසලයයි හාලුයි කිසි අව්ලක් නැතුව ගියේ පුරුද්දට වගේ. ටික දුරක් ඇතුලට යද්දි තමා තේරුණේ සමහර දේවල් එලියට පේන්න පොඩියට තිබුණට ඇතුලට යනකොට හිතන තරම් පොඩි නෑ කියල. ඒ කිව්වෙ මේ ගුහාව ඇතුල හෙන ලොකුයි කියල. ටිකෙන් ටික ඉදිරියටම ගමන් කල අපිට අන්තිමේ නිල්දිය පොකුණට යාන්තම් පණපිටින් යා ගන්න පුලුවන් වුනා. පොකුණ ලගට ගිහින් වතුරෙ බැහැල සෙල්ෆි ගහල වීඩියෝ කරල කපල් පොටෝ අරගෙන පොකුණ බලල ඉවර වෙලා ආපහු එද්දි සියලු දෙනාම වගේ පෙනෙන්නට සිටියත් කුසලයා මොහොතකට අතුරුදන්ව ඇති බව මා හට දැනෙන්නට විය. ටිකෙන් ටික උඩට ගමන් කරන අතරේ කවුරුන් හෝ බඩියත් එක්ක ඇරියස් එකක් තියන කෙනෙක් පෙරලපු ගලක් බඩියගෙ කකුලෙ වැදී පෙරලී ගියහ. බඩිය වැඩ දන්න නිසා බේරුනත් ගල පෙරලපු එකාව සතුටු කිරීමට ඌ ඕනෑකමින්ම කකුල වද්දා තුවාල කරගත්තා යැයි මට සිතේ. (මූ මන්දාරම්නුවර දිය ඇල්ල නැග්ග හැටි……. නෑ එක්කො ඕනි නෑ..) එහෙම ඇවිත් අවසානයේ වරකට එකා බැගින් කඹයේ එල්ලී වලෙන් එලියට යද්දි මට යාමට සිදුවූයේ අනිත් උන් ඔක්කොගෙම දිරිගැන්වීම මධ්‍යයේ අන්තිමටමය. (උඹලට නම් හෙන ගාල ආයෙ ගහන්න ඕන. ) කට්ටියම උඩට ඇවිත් පොඩි අඩිපාර දිගේ ගිහිං වෑන් එක තියන තැනට යද්දි බඩිය අඬන්න පටන්ගත්තේ ඊ-බේ එකෙන් ගෙන්නපු උගෙ කැප් බාගෙ නැතිවී ඇති බව දැනගෙනය. එය සෙවීමට නැවතත් බඩිය ගිය පසු දසුනය කීවෙ “අරූ අහරෙට (අරෙහට) ගිහිං එනකම් අපි වෑන් එක හිටවං ඉන්න තැන (වෑන් එක නවතා තිබෙන තැන) ට යමු” කියාය. (කුරුණෑගල උන් නේ. ) බහින්න කලිං සෙන්ට් ගහල මේකප් දාල හිටපු අය මඩ නාගෙන ඉන්න අතරෙ කුසලයගෙ කොලපාට කලිසමේ තිබූ නිල් පාට පැල්ලමක් දෙස අවධානය යොමු විය. තව ටිකක් ලංවී නිරීක්ෂණය කල පසු තමා තේරුණේ උගේ කලිසමට සිදුවී ඇති විපර්යාසයත්, ගුහාව තුල මොහොතකට අතුරුදහන් වීමත්, යන හේතූන් මත ගුහාව තුලදී කුසලයට රාවණා හමුවී ඇති බව . කැප් බාගෙත් නැතිව ආපහු හිස් අතින්ම ආපු බඩී වෑන් එකට නැගගත්තේ ඌට HP ලැප් එක නැතිවුනාම දැනුන දුකටත් වඩා වැඩි දුකකිනි. එතනින් පස්සෙ ඊලඟට ගියේ නා ගැනීම සදහා කුඩා දිය ඇල්ලක් වෙතට. එතනින් නාල දවල් කෑමත් අරගෙන ඇවිත් ට්‍රිප් එකේ අවසානයට ලගා වුනේ වාහනෙන් නැවතත් බන්ඩාරවෙල නගරයට පැමිණීමෙන් පසුවය. එහිදී පීර කුසල් ඩිලාන් හා හේශාන් සමග කඩයකට ගොස් ප්ලේන්ටියක රස බැලීමට අදහස් කරගෙන සිටි නමුත් කාලය හරස්වීම නිසා හදිස්සියේම කොළඹ දෙසට පැමිණි බසයක නැගී විජේරාම හංදිය දක්වා ඒමට සිදුවුණි. (වරුනය නැති අඩුවනම් තදින්ම දැනුණ. )