සංක සහ එයාගේ යාළුවොයි එක්ක ගිය තවත් ට්‍රිප් එකක්, ට්‍රිප් එකක් කිවූවට hike එකකුත් තිබ්බා . කොහොමහරි යන්න සෙට් වෙලා තුබුණේ බදාදා රැ, ඉතින් කොටුවට ගිහින් කට්ටියම සෙට් වෙලා අබේවෙලට ticket book කරලා, ට්‍train එකට නෙග්ගා, පරක්කු වෙලා ආපු දෙන්නෙක් ට විතරක් seat නැති උනා, එත් ඉතින් සින්දුවක් කියාගෙන , ආතල් එකේ ලාවට සින්දුවක් කියාගෙන මාරුවෙන් මාරුවට seat බෙදාගෙන ගමන ගියා, පාන්දර 4 ට වගේ තමයි අපිට එහෙට යන්න වෙලා තිබුනේ, කිට්ටු වෙන්න පට්ට සීතලක් එන්න ගත්තා, අවාසනාවට අපි හිටපු හරියේ එළියේ දොරවල් 2ම වහන්න බැහැ. ඉතින් කට්ට කාගෙන හිටියා, ටික වෙලාවක් යනකොට ඒ කියන්නේ පාන්දර 1 ට වගේ, canteen එක තිබ්බ කිට්ටුව බිම, අපේ උන් ඕමි ගහගන්න ගත්ත, එතන ටිකක් hot, ඒ නිසා කට්ටියම එතනට ඇවිල්ල, එක එකාගේ ඇගට හේත්තු වෙලා shape එකේ නින්දක් දැම්ම, ටිකක් දෙනා ඕමි ගැහුවා, ඔන්න ඉතින් අබේවෙලට කිට්ටු උනා, බඩු ටික සෙට් කරගන්න බැස්ස අබේවෙලට, සංක ගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් තමයි අපි එලි වෙනකන් ඉන්න හැදුවේ, මොකද අපිට ගෙස්ට් house එක book වෙලා තිබුනේ උදේ 10 න් පස්සේ. ම්ම් ඉතින් හිතන් හිටියේ, එතකන් සංක සෙට් කරන තැන සැපට නිදියගන්න, ඇදෙනවා මු සෙට් කරලා තියෙන්නේ අබේවෙලා Station එකේ public රූම් එක, එකේ එක ජනේලියක් කැඩිලා, tile කරලා බිම, දොර නම් වහගන්න පුළුවන්, බිම කකුල් තිබබම පිච්චෙන ගානට සීතලයි, නිදාගන්නේ කොහොමද කියලා මට හිතගන්න බැරි උන, කැඩිච්ච ජනේලෙන් හුලන් එනවා එක දිගට, කරන්න දෙයක් නැනේ, ගත්ත මගේ towel එක, වැහුව කැඩුන ජනේලේ , දාගත්ත මගේ bed sheet එක බිමට, shirt 2ක් එදගත්තා, සමීර ගේ bed sheet එක share කරගෙන නිදාගත්තා, 7 වගේ වෙනකන්.. පුදුම සීතලක් තිබුනේ, කට්ටියම එකට එක ගොඩේ නිදාගත්තා නිසා, ලොකු සීතලක් දැනුනේ නැහැ. උදේ ඇහැරිලා ඉතින්, selfy ගහ ගහ හිටිය, පස්සේ, කන්න තැනක් හෙඋවම, 8 වෙනකන් කඩවල් අරිනේ න කියල දැනගන්න ලැබුන, ඒ වගේම එහෙ හැම වෙලාම bus නැ, එක bus එකක් 8:30 ට එනවා කයලා දැනගන්න ලැබුන, එකට ready වෙලා, කඩයක් අරිනකන් බලන් ඉදල, එතනින් කාල ගානටම bus එකට සෙට් උනා, මතක විදියට රු17 ක වගේ දුරක් තිබුනා , වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ guest house එකට. Photo Credit Goes to – Tharaka Perera තාරක මල්ලි ගේ අදහස්


කාලෙකට පස්සේ අයිත් කට්ටියම සෙට් උනා…හැබැයි ටික දෙනක් නම් අඩුයි..සමහර එවුන්ට එන්න බැරි සාදාරන හේතු හිබුනා…සමහර එවුන් ගල් පැලෙන බොරු කිවුවා…එහෙමයි කියල අපි වැඩේ අතෑරියේ නෑ… 2018.01.09 රෑ බදුලු කෝච්චියේ නැගල පහුවද පාන්දර 4 විතර අඹේවෙලින් බැහැල සංක අයියගේ යාලුවා සෙට් කරලා දීපු කාමරේ කට්ට සීතලේ නිදාගත්තා… 7 විතර කට්ටිය නැගිටලා බෙඩ් ටී හොයනවා..බෙඩ් ටී තියා උණු වතුර එකක් ත් බොන්න කඩයක් නෑ…යන්තන් 7.45 විතර එතන තිබ්බ පෙට්ටි කඩේකින් නාන් රොටි,පානුයි කඩෙන් ගත්ත පරිප්පු හොද්දයි අම්මා හදල දීපු සිනිසම්බෝලෙත් එක්ක ගිලලා දාලා…(හැබැයි එක ගැවෙන්න වත් මදි…) බස් එකේම කන්දේ ඇල අපි නවතින පොට් එක හොයාගෙන ගිය… ලොකුම ප්‍රශ්නේ දැන් මොකද කරන්නේ…එකෙක් වත් දැන් නැ…හරි එහෙනම් යමන් ලොකාන්තේ බලන්න…වන සංරක්ෂණ සර්කිට් එකේ අයිය වහනයක් කතා කරලා දුන්නා… එකේ යන ගමනුත් ඉතින් කට්ටියගෙම සිගිති අතල් තමයි…හීන වෙලා බද රිදෙනවා.. ෆුල් ගැම්මෙන් ලොකාන්තේ බලන්න ආවට සැහෙන්න දුර පයින් ගිහින් කට්ටියම හන්තර් වෙලා ඉදියේ..කොමින් කොමහරි බේකර්ස් ඇල්ල,ලොකාන්තේ ඔක්කොම බලලා වැස්සේ තෙමිගනම අවා..එකත් ඉතින් ආතල්…කට්ටියටම වෙනසක්නේ ඕන කිවුවේ… බුබුළු නගින බෙලිකටු කිවුවලු.. වෙලාවකට පායනවා වෙලාවකට වහිනවා තවත් වෙලාවකට කට්ට සීතල… යන්තන් ඉතින් නවතින තැනට ඇවිල්ල ගත්ත කෑම එක කෑවේ ජීවිතේට කෑම දැකල නැති එවුන් වගේ… දැන් ඉතින් රෑට කන්න බොන්න එපැයි…බසුත් නැ…ඒ පාර ඉතින් 2කම් විතර කයියක් ගහගෙන පයින්ම යද්දී…ලොරියක් සෙට් උනා..එකෙන් ශේප්.. මොරා අරන් දෙනවා කිවුව චීස් කොත්තුයි උයන්න කලමනයි නැටුන් තෙල් එහෙමත් අරගෙන 1 විල් එකේ 6 දෙනාම නැගල අපේ තැනට අවා..මොනා උනත් විල් එකේ අයියට පින් දෙන්න ඕන..අපි වගේ උරෝ 6 එකේ පටවාගෙන අවට… ඊටපස්සේ එතින් party time… ඒවා ඉතින් කියන්න බැ…සැහෙන්න දේවල් උනා.. පහුවද උදේ නැගිටලා හෙමින් හෙමින් ග්‍රෙගරි වැව පැත්තට ඇවිල්ල… බස් එකේම ගෙදර එන්න අවා… ගමන පුරාවට හැමෝම තමන්ට හැකි පමණින් අතල් දුන්නා…කොච්චර වයස උනත් මලිත් කොල්ලන්ට සෙකන්ඩ් උනේ නැ… ඒ විදියට කිසිම plan එකක් නැතුව ඔහේ ගිය සුන්දර නුවරඑලිය ගමන අවසන් උනා…නාවතින්න තැන සෙට් කරපු රම්පෙගේ තාත්තව ආදරෙන් මතක් කරන්න ඕනේ…ඒ වගේම අපේ සෙට් එකේ අහිංසකය “තරිදු” නිවාඩු නැති නිසා එන්න බැරි උනා… ආයිම ඉතින් අරුගම්බේ මුහුදේදී හම්බෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා…